Architecture…..Space……. | අවකාශය……..!

ඔබ සහ මම දිනෙක පස් වන්නේ, අනන්තවූ වාරයක් හුස්ම ගන්නා වූ අවකාශයේම ය.

ඈ…..

රමණීය ය, බහුරූපීය ය.
ඇයගේ රංගනයේ ආකර්ෂණීය වෙස්ගැන්වීම් ප්‍රතිභාපූර්ණය ය….

ඒ මනරම් රංගන වේදිකාව,
ස්වාභාවදහමයි…..
ඔබගේත්, මගේත්, සාමාජයීය පරිසරයයි…..
අපගේ සංස්කෘතියයි…..
විද්‍යාවයි…..
ඔබ, මම, විඳිනා සෞන්දර්යයි …..

වාස්තු නිර්මාණයක් යනු, බහුරූපී ඈ තුල උපදින්නා වූ ජීවයයි…..
එම ජීවයට සුන්දර, ශක්තිමත්, ඉතා නිරවද්‍ය වූ ස්ථිර පදනමක් ගොඩනැගිය හැක්කේ නම්,
ඒ බහුරූපී ඈ ඉතා නිරවද්‍යව හඳුනාගත් ඔහුට පමණි.

ඔහු නම් වූ කලී,
වරලත් වාස්තු විද්‍යාඥයෙකි!
ඒ සිහිනය, හරි අපූරුවට වර්ණගැන්විය හැක්කේ ද ඔහුට පමණි!

By Niwarthana Dissanayake

Architecture is not just art….
Its the nature, society, culture, science and art itself.
Its the volume of space where we breath millions of times….
and buried six feet below eventually.

Tharinda Dissanayake

Related Blogs

No Image