පරිසර වේදය සහ සංවර්ධනය

ෂිංගු නදීතෙර ජල දහරාවන් අවුරා, බෙලේ මොන්ටේ වේල්ල තනා ජල විදුලි බලාගාරයක් තැනීම වගේ උදාහරණ අරගත් “සංවර්ධනයේ අවුල” ගැන ලියවුන ලිපි කියවමි.

මට ඇති ගැටළුව “සංවර්ධනය යනු දෙපැත්ත කැපෙන කඩුවක්” නිසා එය හරි හැටි පාවිච්චි කරන්නේ කෙසේද යන්න නිවැරදි කතිකාවක් ලෝකයේ විශ්ව විද්‍යාල වල කතා වනවාද යන්නයි. ඔය කඩුවේ දෙපැත්ත නම්:

1) විදුලිය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයක් එපා, දඩයමක් කරගෙන ඉමු කියන එක: එහෙම කියල හිතනවානම් ඒක අමුම අමු ගෝත්‍රික කමකි.

2) විදුලිය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයක් ඕන රට දියුණු කරන්න කැලෑවල් ඕන නෑ කියල හිතීම: එහෙම හිතන එක අමුම අමු තකතීරු කමකි

ඔය දෙකම balance වෙන්න ඕන. ඒවායේ dependencies අඳුන ගන්න ඕන. ඒකට තමයි සැලසුම් ශිල්පය, ඉංජිනේරු, පරිසරවේදය, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව වගේ “විද්‍යාවන්” තියෙන්නේ.

අපි හැමෝම දන්නවනේ අපේ පරිසරයේ ස්ථර 3ක් ඇත.

a). Abiotic (පස, ජලය, වාතය, ගින්දර වගේ පරිසරයේ මූලික අංග),

b). Biotic (සත්තු, ගස්, මිනිස්සු, මාළු ආදී Abiotic layer එකෙන් මතු වුන ජීවත් වන සියලු පද්ධති/ජීවීන්),

c). Cultural (Biotic layer එකත් එක්ක අන්තර් සම්බන්ධතා පැවැත්වීමට හැදුනු ක්‍රමවේද: උදා: අතීතයේ මිනිස්සු වෘක්ෂ දේවතාවන් ඇදහීම, සහ වර්තමානයේ ආර්ථිකය, කපුටන් කූඩු හදන්න ගස් තෝරා ගන්නා ආකාරය වගේ කියා නිම කල නොහැකි සාධක)

ඔය කියන layers තුන ගැන මුලින්ම කුමන හෝ සංවර්ධන ව්‍යාපෘතියක් ගෙන ඒමට කලින් අධ්‍යනය කල යුතුයි. අතීතයෙන් උගත් පාඩම්, වර්තමානය සහ අනාගතය යන තුන් කල් බැලිය යුතුය. ඒක තමයි ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක pre-feasibility study එක.

ප්‍රශ්නේ තියෙන්නේ ඔය pre-feasibility study එක කරන්න පුළුවන් හොඳ ක්‍රමවේදයක් තවමත් කිසිම විශ්ව විද්යාලයකින් වත් හරියට ඉදිරිපත් නොවීමයි. එහෙම Universal ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම අතිශය සංකීර්ණයි. දැනට තියන UN sustainable development goals සමහර තැන් වලදී ප්‍රායෝගිකද කියන එක, අපේ රටේ යම් ව්‍යාපෘතියකට apply කරලා බලන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක් මට නම්.

ඔය ගැටලුවට විසඳුම් හොයන්න තමයි විශ්ව විද්‍යාල තියෙන්නේ. ඒවයෙන් හරියට දෙයක් නොවෙනවා නම්, මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නෑ. එහෙම නම් අපි නැවත පරණ ගල් යුගයට යාම නුවනට හුරුයි. විශ්ව විද්යාලයකින් “ගල් යුගයට නැවත යාම සුදුසු” යයි තහවුරු කළහොත් එදාට මම වැද්දෙක් වෙනවා. අපි ප්‍රශ්න කරන්න ඕන අන්න ඒක! පාට කණ්නාඩි ගලවමු. හරි දේ හරියට කරමු!

කියවන්න හොඳ පොත්/පර්යේෂණ පත්‍රිකා ටිකක සබැඳි පහත ඇත. පුළුවන් නම් හොයාගෙන කියවන්න. තව ගොඩක් පොත්/පත්‍රිකා තියනවා. ආස කට්ටිය මේ ගැන කතා කරමු!

https://www.amazon.com/Ecological-Planning-Historical-Comparative-Contemporary/dp/0801868017?fbclid=IwAR1UOr4bUCVEAOpXJ6hL_4G5q1UavbaQwQ–Q7F5J3LR-ceHkoxNc7wUj_U

https://www.researchgate.net/publication/24084619_’Learning_by_doing’_Adaptive_planning_as_a_strategy_to_address_uncertainty_in_planning?fbclid=IwAR3aNdeGVkn8XZG2ouz4EZPqSButHB-3FFhGZikwABZXoYCR5l0IYvXsvkg

https://efl.lk/wp-content/uploads/2018/08/CBD_Final-1.pdf?fbclid=IwAR1usXGi1A3ydi9Ri2LefkeP2U3o43RYfez9XTjzvhegCoRECBZ9NcqbFpw

https://www.sciencedirect.com/science/article/abs/pii/S0169204614000346?fbclid=IwAR3MzUpdzsKwyycOUORN-LSAawcI5T85jtBXNPElFtVQ9WCxT8ue7JptqYk

 

Add a comment

*Please complete all fields correctly

Related Blogs

Posted by Tharinda Dissanayake | March 21, 2021
හරිත නගර සහ නාගරිකකරණය – 1
මුලින්ම කිව යුතු දෙයක් ඇත. මම ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන ලද අතර, මෙම ලිපි පෙළ ජීව විද්‍යා විෂය මූලික කරගත් එකක් වුවත්, මට තියනා සත දෙකෙන් ලිවීමට දරන උත්සාහයකි....
Posted by Tharinda Dissanayake | December 24, 2020
The dilemma of words – Wet Kitchen / Dry Kitchen / Pantry / Kitchen – Do we need all in Sri Lanka?
  Fig - Architect's Design for a "dry" kitchen - http://tdaarchitects.com/portfolio/proposed-residence-at-bandaragama/ As an architect, I always get a query to clarify what is "wet kitchen" and "Dry Kitchen". Some refer simply,...
Posted by Tharinda Dissanayake | July 27, 2020
What is Architecture and Why we need it?
The Britannica Encyclopedia offers a good explanation about Architecture; the art and technique of designing and building, as distinguished from the skills associated with construction. The practice of architecture is...